by Staff writer 11-02-2021 | 6:07 PM
COLOMBO (News 1st) : තඹුත්තේගම වී ගබඩාවක කළ පරීක්ෂා කිරීමේදී සත්ත්ව ආහාර සඳහා ප්‍රවාහනයට සූදානම් කරමින් තිබූ සහල් කිලෝගෑම් 30,000 කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබේ.
එම අධිකාරිය සඳහන් කළේ, පාරිභෝගික පනතට අනුව සහල් සත්ත්ව ආහාර සඳහා නිකුත් කළ නොහැකි බවයි.
සහල් තොගය සාම්පල රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර පාරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න තහවුරු කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ, එම සහල් තොගයට මුද්‍රා තබා ඇති බවයි.