''යුක්තිය ඉටු නොවුණොත් ජාත්‍යන්තරයට යනවා...''

''යුක්තිය ඉටු නොවුණොත් ජාත්‍යන්තරයට යනවා...'' කාදිනල් හිමිපාණෝ අනතුරු අඟවති

by Sagarika Chathumali 11-02-2021 | 3:40 PM

COLOMB (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව  යුක්තිය ඉටු නොවුණ හොත් ජාත්‍යන්තරයට ගොස් හෝ සාධාරණය ඉෂ්ට කර ගැනීමට සූදානම් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ මේ බව පවසා සිටියේ, අද (11) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි. දැනටමත් රටේ යම් ප්‍රශ්නවලට ජාත්‍යන්තර මැදිහත්වීම් සිදුවන බැවින්, රටේ නායකයින් මෙය එවැනි තත්ත්වක් කරා රැගෙන නොයනු ඇතැයි, තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ. කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන්ට ද  ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ, කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේ , එය අධ්‍යනය කිරීමට අවශ්‍ය බවත් ඉන් පසුව රජය ගන්නා තීරණ පිළිබඳ අවධානය යොමු කරන බවයි. රජය ගන්නා වැඩපිළිවෙල හරහා යුක්තිය ඉටු නොවුන හොත්  මේ සඳහා ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීමට කටයුතු කරන බව  කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ‍ අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අහිංසක මිනිසුන්ට ජීවිත අහිමි කළ සහ තවත් පිරිසක් වින්දිතයින් බවට පත්කළ ප්‍රහාරයේ වගකිවයුත්තනන්ට දඬුවම් දීම පුමුඛ කාරණය බව සිහිපත් කළ උන්වහන්සේ වැඩිදුටත් පවසා සිටියේ, ප්‍රහාරය ගැන පූර්ව දැනුම් දීම් ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් පිරිස්වලට ද දඬුවම් දිය යුතුව ඇති බවයි. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව නිසි අපරාධ විමර්ශනක් සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් තමාට ඇති බව සඳහන් කළ උන්වහන්සේ, එහි එක් කරුණක් සම්බන්ධයෙන්  මේවනවිටත් විකල්ප මාර්ගයකට එළඹ සිටින බව ද  සඳහන් කළහ.