අගමැතිගේ කොවිඩ් මරණ භූමදාන කතාව පටලැවිල්ලක් වෙයි

අගමැතිවරයා භූමදානය කළ හැකි බව පැවසුවේ කොවිඩ් ආසාදිතයින්ගේ මළ සිරුරු නොවේ.. - පොදුජන පෙරමුණ

by Staff writer 11-02-2021 | 10:12 PM

COLOMBO (News 1st) : අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සිරුරු භූමදානය පිළිබඳව නොවන බව පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වූ කෝකිල ගුණවර්ධන මන්ත්‍රීවරිය කියා සිටියා ය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් පසුව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව කොවිඩ් මරණ භූමදානයට අවසරදීම පිළිබඳ ප්‍රසාදය පලකරන බව නිවේදනය කර තිබුණි. මාධ්‍යවේදී ප්‍රශ්නය 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වේ කොරෝනා මරණ භූමදානය කරන්න දෙනවා කියලා නෙවෙයිද ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය
එතුමා පැහැදිලිව කිව්වේ කොරෝනා මරණ කියන කාරණය නෙවෙයි. මරණ භූමදානය කරන්න දෙනවද කියලා මරික්කාර් මන්ත්‍රීතුමා ඇහුවා. ඒකට භූමිදානය කරන්න දෙනවා කියලා කිව්වා.
මාධ්‍යවේදී ප්‍රශ්නය
ඉතින් අපි හැමදාම මරණ භූමදානය කරානේ අපි විරුද්ධ වුණේ නෑනේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය
දැන් පැහැදිලිවම කොරෝනා මරණ භූමදානය ගැන අතිගරු ජනාධිපතිතුමාටවත් , අගමැතිතුමාටවත් තීන්දුවක් දෙන්න බෑ . මේකට ඉන්නවා වි‌ශේෂඥ කණ්ඩායමක් මාධ්‍යවේදී ප්‍රශ්නය මේ ප්‍රකාශයත් එක්ක පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහත්තයා ප්‍රසාදය පළ කරනවා කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ සිරුර භූමදානය කරන්න ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා එකඟ වෙනවා කියලා. විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ශ්‍රී ලංකා රජය එකඟයි කියලා. ඔබතුමිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු , ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ කියනා අගැමැතිතුමා එහෙම දෙයක් කිව්වේ නෑ කියලා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය
අගමැතිතුමා පැහැදිලිව කිව්වේ මරණ භූමදානය ගැන මිසක් කොරෝනා මරණ භූමිදානය ගැන නෙවෙයි. මාධ්‍යවේදී ප්‍රශ්නය මේ කොහොමටත් මේ මරණ භූමදානය කරන්න දෙනවද කියලා අහන්න තරම් පාර්ලිමේන්තුවේ මොන්ටිසොරි ළමයි නෑනේ .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය
සමහර වෙලාවට ඉන්නවා.
අද පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව සාකච්ඡා වුණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා
ඊයේ උදේ වරුවේ අපේ අගමැතිතුමා භූමදානයට අවසර දෙන බව ප්‍රකාශ කළා . විෂයභාර ඇමතිතුමිය ඉන්නවා මම අහන්න කැමතියි කවදාද ගැසට් නිවේදනය නිකුත් කරන්නේ කියන එක පැහැදිලි කිරීමක් කළොත් ඔබතුමිය ? කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තින්දු තීරණ ගන්නේ පුද්ගලිකව නෙවෙයි තාක්ෂණික කමිටුවක් හරහා ඒ නිසා තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කළේ, තාක්ෂණ කමිටුවේ එකගතාව මත තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා
අවසානයේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අපට පොරොන්දුවක් දුන්නා. ඊට වඩා වැඩි යමක් තියෙනවාද? ඔහු ඉතා පැහැදිලිව කිව්වා. දැන් වැඩේ තියෙන්නේ බලධාරීන්ගෙ අතේ. ආණ්ඩුව වෙනුවෙන් තීරණයක් ගන්න අගමැතිවරයාට වඩා වෙන කවුද ඉන්නෙ. මෙය අවහිර කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊනියා විශේෂඥයන් කවුද? මේ හැසිරීමෙන් අපේ රටේ වාර්ගික ආතතියක් ඇති කරනව වගේම රට අගාධයකට යනවා.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් සඳහන් කර තිබුණේ , කොවිඩ් 19 රෝගයෙන් මියගිය අය භූමදාන කිරීමට මුස්ලිම්වරුන්ට අවසර දෙන බවට ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී දුන් සහතිකය අගය කරන බවයි. කොවිඩ් වින්දිතයින්ගේ අනිවාර්ය ආදාහනය අවසන් කිරීම පිළිබඳව අගමැතිවරයා කළ නිවේදනය පිළිබඳව පලවන මාධ්‍ය වාර්තා අගය කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය ද ට්විටර් පණිවිඩඩයක් නික්තු කරමින් කියා සිටියේ, කොවිඩ් 19 වින්දිතයන් භූමදානය කිරීම පිළිබඳව අගමැති රාජපක්ෂ මහතාගේ නිවේදනය අගය කරන බවයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ගරු කතානායකතුමා මේක රීති ප්‍රශ්නයක් නෙවෙයි කියලා බාධා කරන්න උත්සහ කළා . නමුත් අග්‍රාමාත්‍යතුමාට මග ඇරලා යන්න අවස්ථාව තියෙද්දී අග්‍රාමාත්‍යතුමා නැගිටලා කිව්වා කතානායකතුමාවත් මවිතයට පත් කරනමින් නැගිටලා කිව්වා. මරික්කාර් මහත්තයා අහපු ප්‍රශ්නයට දෙන උත්තරය තමයි භූමදානයට ඉඩ දෙනවා කියලා. එතකොට මරික්කාර් මහත්තයා අහපු ප්‍රශ්නය මොකක්ද? කොරෝනා ජලයෙන් ව්‍යාප්ත වෙන්නේ නැත්තම් විද්‍යාත්මක හේතු මත පදනම්ව ඒ කොරෝනා මරණවලට ඒ මෘතදේහවලට භූමදානය දෙනව ද කියලා. එතකොට අගමැතිතුමා දුන්නු උත්තරය තමයි ඉඩ දෙනවා කියන එක. ඒ කියන්නේ කොරෝනා මරණ භූමදානයට ඉඩ දෙනවා කියන එක. නිකම් මරණ භූමදානය කරන්න දැනුත් ඉඩ තියෙනවා.ඒ නිසා මම අද උදේම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවටත් කතා කරලා කිව්වා අන් එඩිටඩ් , කපා නෙහැර , සංස්කරණය නොකළ ,වීඩියෝ සහ ඕඩියෝ පටවල තියෙන්නේ කොරෝනා මෘත දේහ ආදාහනය කරන්නේ නැතුව භූමිදානය කරන්න ඉඩ දෙනවා කියලා අගමැතිතුමා කියපු එක.ඒ නිසා හැන්සාඩ් එක වෙනස් කරන්න කාටවත් බෑ. දැන් ජිනීවා මානව හිමිකම් කොමිසම එනවා. මේ කොරෝනා මෘත දේහ භූමිදානය කරන්න ඉඩ දෙනවා කියපු ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මැදපෙරදිග ඡන්ද ලබා ගැනිම සඳහා කරපු ගුන්ඩුවක් කරන්න ඉඩ දෙන්න බෑ. ඒ වගේම ලබන 22 දාට පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මැතිතුමා එනවා. එතකොට එතුමා ඇවිල්ලා යනකම් කරපු , මුලාවක් වෙන්න දෙන්න බෑ. මොකද මේක දැන් ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉවරයි.