රන්ජන්ගේ  මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් මහ ලේකම්ට යළි නියෝග

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් මහ ලේකම්ට යළි නියෝග

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් මහ ලේකම්ට යළි නියෝග

කර්තෘ Sagarika Chathumali

11 Feb, 2021 | 10:50 am

COLOMBO (News 1st) : රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝග කර තිබේ.

අභියාචනාධිකරණය සුගිය 5 වනදා ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කළේ , ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් 12 වන දා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසටයි.

රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම අද දින අභියාචානාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මයාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අතර එදිනට යළි පෙත්සම සලකා බැලීමට ද අභියාචනාධිකරණය නියෝග කළේ ය.

මේ අතර කතානායකවරයා ඊයේ සභාවට දැනුම්දුන්නේ, අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට නොකැඳවන බවටයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පසුගිය ජනවාරි 12 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් නියම කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]