Covid ආසාදිතයින් ප්‍රවාහනයට පෞ. අංශයේ වාහන ඉල්ලයි

Covid ආසාදිතයින් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නැති තත්ත්වයක්

by Staff writer 10-02-2021 | 8:47 AM

Colombo (News 1st) : කොරෝනා ආසාදිතයින් ප්‍රවාහනය සඳහා පෞද්ගලික අංශයේ වාහන ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, දැනට පවතින ගිලන් රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පළාත් සභා මගින් ලබා දීමට නියමිත බව ද, ඇය පැවසුවා ය.