සියලු පාසල් ආරම්භ කරන අලුත් දිනය මෙන්න

සැලසුම වෙනස් වෙයි: සියලු පාසල් ආරම්භ කරන අලුත් දිනය මෙන්න..

by Hashini De Mel 10-02-2021 | 2:52 PM

COLOMBO (News 1st) - සැලසුම් කළ පරිදි ලබන 15 වැනි දා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය. ඒ අනුව, දිවයිනේ සියලු පාසල් ලබන මාර්තු 15 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ඊයේ (09) නිවේදනය කෙරුණේ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412 ක් ලබන 15 වැනි දා විවෘත කිරීමට සැලසුම් කර තිබු බවයි.