බන්ධනාගාර කිහිපයකට අද සිට යළිත් STF

කොළඹ බන්ධනාගාර කිහිපයකට අද සිට යළිත් STF ආරක්ෂාව

by Hashini De Mel 10-02-2021 | 4:43 PM

COLOMBO (News 1st) - බන්ධනාගාරවල පරික්ෂා කිරීම් කටයුතු සඳහා අද සිට යළිත් පොලිස් විශේෂකාර්ය බලකාය කැඳවා තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ඒ අනුව, කොළඹ වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා මැගසින් බන්ධනාගාරයට යළිත් පොලිස් විශේෂකාර්ය බලකාය(STF) කැඳවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මීට පෙර කොරෝනා හේතුවෙන් එම කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/02/02-11-CHANDANA-EKANAYAKE-online-audio-converter.com_.mp3"][/audio]