by Staff writer 10-02-2021 | 9:29 PM
COLOMBO (News 1st) - පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කොවිඩ් 19 වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයින් භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම ගැන සිය ප්‍රසාදය පළ කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලෙට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අග්‍රාමාත්‍යවරයාගේ තීරණය අගය කරන අතර ශ්‍රී ලංකාව අන්තර්ජාතික සෞඛ්‍ය පිළිවෙතට අනුගතවීම හා ආගමික අයිතීන්ට ගරු කිරීම ධනාත්මක පියවරක් ලෙස සලකන බවය.