ඉන්දුනීසියාවේ සුමාත්‍රාවල භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රාවල භූ චලනයක්

by Staff writer 10-02-2021 | 7:13 PM

News 1st - ඉන්දුනීසියාව ඇතුළු එරට ආසන්න කලාපයේ භූ චලන තුනක් හටගෙන ඇති බව වාර්තාවේ.

ඉන් ප්‍රභලතම භු චලනය මැග්නියුටියුඩ් ඒකක 7.5 ක් ලෙස වාර්තා වේ. එය සිදුව තිබුණේ ඔස්ට්‍රේලියාවට ආසන්න ලෝයල්ටි දූපත් වලට ගිණිකොණ දෙසින්. ඉන්දුනීසියාවේ සුමත්‍රා දිවයිනට නිරිතදිගින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ භූ චලනයේ ප්‍රභලත්වය මැග්නියුටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් විය. අනෙක් භූ චලනයද ඊට ආසන්න මුහුදු ප්‍රදේශයෙන් වාර්තා වන අතර එහි අගය මැග්නියුටියුඩ් ඒකක 5.1 ක්. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමක දී   අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, දැනට ඇති තොරතුරු අනුව අදාළ භූ චලන හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැති බවයි.