කොළඹ වරායේ කන්ටේනර් 4කින් මතු වූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු…

කොළඹ වරායේ කන්ටේනර් 4කින් මතු වූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු…

කොළඹ වරායේ කන්ටේනර් 4කින් මතු වූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු…

කර්තෘ Staff writer

10 Feb, 2021 | 11:08 am

COLOMBO (News 1st) : අමතර කොටස් ලෙස හඟවා මෙරටට වාහන ගෙන්වන ජාවාරමක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය පවසයි.

ඒ, පසුගිය වසරේ පෙබරවාරී මාසයේදී මෙරටට ගෙන එන ලද කන්ටේනර් 4 ක් කොළඹ වරායේ සීඅයිසීටී පර්යන්තයේදී ඊයේ විවෘත කළ අවස්ථාවේදීයී.

එහිදී අනාවරණය වී ඇත්තේ එම කන්ටේනර් 4 න් 3 ක සුඛෝපභෝගී කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථ ඇතුළු වාහන 9 ක් මෙන්ම, ඊට අදාළ උපාංග ඇතුළත් බවයි.

අනෙක් කන්ටේනරයේ වාහන එංජින් ඇතුළු අමතර කොටස් ඇතුළත් බව රේගුව සඳහන් කළේ ය.

රේගුව පැවසුවේ, අමතර කොටස් ලෙස සඟවා මෙලෙස ගෙන්වා ඇත්තේ සම්පූර්ණ වාහන 9 ක කොටස් ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාහන එකලස් කරන සමාගමක් මෙම වාහන මෙරටට ගෙන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර, තවදුරටත් විමර්ශන සිදුකරන බව රේගුව සඳහන් කළේ ය.

රේගුව පැවසුවේ, මෙම ජාවාරම හේතුවෙන් රජයට ලැබීමට නියමිත විශාල බදු ආදායමක් රජයට අහිමි වීමට ඉඩ තිබූ බවයි.

මෙම ආනයනකරු මීට පෙර අවස්ථා රැසකදීම මෙලෙස වාහන ගෙන්වා ඇති බවට ද තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි රේගුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]