by Staff writer 09-02-2021 | 1:58 PM
COLOMBO (News 1st) - මඩොල්සිම, පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය සිරස ටීවී ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර මහතා සෙවීමේ කටයුතු අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.
අතුරුදන් වූ දිනුර විජේසුන්දර මහතා පිළිබඳ කිසිදු තෙරතුරක් මෙතෙක් ලැබී නොමැත.
වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු විජේසුන්දර මහතා සමග මෙම ගමනට එක්ව තිබුණේ පසුගිය 06 වැනි දායි.
පොලීසිය සහ යුද්ධ හමුදාව ඊයේ මෙහෙයුම් දියත් කළේ, දිනුර විජේසුන්දර මහතා පය ලිස්සා පහළට වැටුණු බවට අනුමාන කරමිනි.
මේ වනවිට ශ්‍රී ලංකා යුධ හමුදාව මඩොල්සිම ප්‍රදේශයෙන් ප්‍රපාතයට බසිමින් මෙහෙයුම් දියත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් එක්ව සිටි.