දෙවන මාත්‍රාවේ සති 4, සති 12 ක් දක්වා කල් යයි ද?

COVID එන්නතේ දෙවන මාත්‍රාව සති 12 කට කල් යයි ද?

by Sagarika Chathumali 09-02-2021 | 4:01 PM

COLOMBO (News 1st) : කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරටදී ලබා දෙන AstraZeneca Covishield එන්නතේ දෙවන මාත්‍රාව සති 12කින් ලබාදීමෙන් වැඩි ඵලදායිත්වයක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතා පවසයි.

ඊයේ (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කොවිඩ් එන්නත්කරණය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරා  සඳහන් කළේ, දෙවන මාත්‍රාව සති 4කින් ලබා දීමට  වඩා සති 12කින් ලබා දීම තුළින් වඩා වැඩි ප්‍රතිශක්තීරණයක් ලැබෙන බවට සාක්ෂි පවතින බවයි. කෙසේ වෙතත් මෙය සාකච්ඡා මට්ටමේ  පවතින කරුණක් බව ව්‍යෛවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. දැනට නිර්දේශ වී ඇත්තේ, සති 4කින් දෙවන මාත්‍රාව ලබා දීමට වුව ද ඉදිරියේදී ලැබෙන සාක්ෂි අනුව දෙවන එන්නත සති 12 කින් ලබා දීමට ඉඩ කඩක් ඇති බව එහිදී සඳහන් කෙරිණ. යම් හෙයකින් සති 12 කින් දෙවන මාත්‍රාව ලබා දීමේ තීරණයට එළැඹුුුණ හොත් එන්නත් හිඟයක් හේතුවෙන් මෙය කල් යන බවට සමාජයේ වැරදි මත නිර්මාණය විය හැකි බැවින් පූර්වයෙන් මේ පිළිබඳ සඳහන් කර තබන බව ද විශේෂඥ වෛද්‍යවරයා එහදී  සඳහන් කර සිටියේ ය. පසුගිය ජනවාරි 29 වනදා ඉදිරි පෙළ කොරෝනා මර්දන කටයුතුවල නිරත හමුදා නිලධාරීන් 3 දෙනෙකුට පළමුව එන්නත ලබා දෙමින් මෙරට Covid-19 එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරිණ.