by Staff writer 09-02-2021 | 4:42 PM
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන අද ආරම්භ විය.
ජනාධිපති කාර්යාලයේදී එම වැඩසටහන ආරම්භ කරමින් සිසුන් 6 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊට අදාළ ලිපි භාර දුන්නේ ය.
අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 4 ක වගකීමක් සහිතව ලැප්ටොප් පරිගණක පිරිනැමෙනු ඇත.
පරිගණකයක වටිනාකම, රුපියල් 80,000 කි.
රැකියාවක් හිමිවීමෙන් පසු වසර 6 ක් ඇතුළත මුළු වටිනාකම ගෙවා නිම කළ හැකි පරිදි මෙම සහන ණය පිරිනමනු ලබයි.
සිසුවෙකු ඒ වෙනුවෙන් මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500 කි.