by Staff writer 09-02-2021 | 9:16 PM
ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදීය.
නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව 6000 ක් පමණ වන අතර, ඉන් 1150 දෙනෙකු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වේ.
අමාත්‍යවරයා සඳහන් කළේ මාධ්‍යවේදීන්ට අදාළ එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බවයි.