පුංචි ලෝකාන්තයෙන් වැටුණු දිනුරගේ සිරුර සොයා ගනී

පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ දිනුරගේ සිරුර සොයා ගනී

by Sagarika Chathumali 09-02-2021 | 3:12 PM

COLOMBO (News 1st) : මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන්ව සිටි සිරස ටීවී ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ මෘත ශරීරය සොයා ගෙන තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මීට ටික වේලාවකට පෙර ඔහුගේ සිරුර, සොයා ගත් බවයි. යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයා ගැනුණේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළ ප්‍රදේශයෙනි. යුද හමුදා විශේෂ බලකා භට පිරිස් රැෆ්ලින් කඹ ආධාරයෙන් අද අලුයම ප්‍රපාතයෙන් පහළට බැස මෙම සෝදිසි කිරීම්වල නිතර වූහ. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ ගලක් මත රැඳී තිබියදී සිරුර සොයාගත් බවයි. වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු විජේසුන්දර මහතා සමග එම ගමනට එක්ව තිබුණේ පසුගිය 06 වැනිදායි. https://www.youtube.com/watch?v=gI_gOK5fVPI&feature=youtu.be