අරලියගහ මැදුර ඉදිරිපිට සත්‍යග්‍රහය තවමත්..

අරලියගහ මැදුර ඉදිරිපිට රැය පහන් කළ විරෝධතාකරුවන්..

by Staff writer 09-02-2021 | 7:16 AM

COLOMBO (News 1st) - නිදහස් අධ්‍යාපානය උදෙසා සිසු ජන ව්‍යාපාරය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී ඊයේ(08) පස්වරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිටත් පැවැත්වේ.

ඒ, 2019 උසස් පෙළ විභාගයෙන් අසාධාරණයට පත් සිසුන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලමිනි. අප වාර්තාකරුවන් පැවසුවේ, ඔවුන් මේ අවස්ථාව වනවිටත් අරලියගහ මන්දිරය අසළ සත්‍යග්‍රහයේ නිරතව සිටින බවය.