by Staff writer 09-02-2021 | 5:55 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව සිදුකර ඇති විමර්ශන සහ ඉදිරිපත් කර ඇති කරුණු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිට දැනුම් දී තිබේ.
රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩදුරටත් උපදෙස් දුන් බවයි.