සරසවි වරම් හිමි සිසුන්ට ලැප්ටොප් ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි

සරසවි වරම් හිමි සිසුන්ට ලැප්ටොප් ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි

සරසවි වරම් හිමි සිසුන්ට ලැප්ටොප් ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි

කර්තෘ Staff writer

09 Feb, 2021 | 4:42 pm

COLOMBO (News 1st) – විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන අද ආරම්භ විය.

ජනාධිපති කාර්යාලයේදී එම වැඩසටහන ආරම්භ කරමින් සිසුන් 6 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊට අදාළ ලිපි භාර දුන්නේ ය.

අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 4 ක වගකීමක් සහිතව ලැප්ටොප් පරිගණක පිරිනැමෙනු ඇත.

පරිගණකයක වටිනාකම, රුපියල් 80,000 කි.

රැකියාවක් හිමිවීමෙන් පසු වසර 6 ක් ඇතුළත මුළු වටිනාකම ගෙවා නිම කළ හැකි පරිදි මෙම සහන ණය පිරිනමනු ලබයි.

සිසුවෙකු ඒ වෙනුවෙන් මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]