මියන්මාරය  සම්බන්ධයෙන් එජා ආරක්ෂක මණ්ඩලය තුළ විරල එකමුතුවක්

මියන්මාරය සම්බන්ධයෙන් එජා ආරක්ෂක මණ්ඩලය තුළ විරල එකමුතුවක්

මියන්මාරය සම්බන්ධයෙන් එජා ආරක්ෂක මණ්ඩලය තුළ විරල එකමුතුවක්

කර්තෘ Staff writer

09 Feb, 2021 | 4:20 pm

News 1st – 15 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විරල එකමුතුවක් ප්‍රදර්ශනය කරමින් අමෙරිකාව, චීනය, ඇතුළු සාමාජිකයින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට සහය පළ කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටින්නේ, මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ එම ක්‍රියාවලිය පැවතිය යුතු බවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව මානව හිමිකම්වලට ගරු කළ යුතු බවයි.

මියන්මාරය තුළ නීතියේ ආධිපත්‍යයට ඉඩ සැළසිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පැවසීය.

ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ අමෙරිකාව හා චීනය එක්ව මෙම ස්ථාවරය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බවයි.

මේ වනවිට ඡන්දයෙන් පත් වූ අවුන්සාන් සුකී ප්‍රමුඛ මියන්මාර ප්‍රමුඛ පෙළේ නායකයින් හමුදා අත්අඩංගුවේ පසුවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]