
කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල කොරෝනා ආසාදිතයින් රෝහල්වලට රැගෙන යාමට පිට පළාත්වලින් ගිලන් රථ
කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල කොරෝනා ආසාදිතයින් රෝහල්වලට රැගෙන යාමට පිට පළාත්වලින් ගිලන් රථ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොරෝනා ආසාදිතයින් රෝහල් කරා රැගෙන ඒමට පිට පළාත්වලින් ගිලන් රථ ගෙන්වා ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඇතැම් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් අනතුරුව දින දෙකක කාලයක් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි.
නිවෙස්වල සිට රෝහල් කරා සහ සුව වීමෙන් අනතුරුව රෝහල්වල සිට නිවෙස් බලා රෝගීන් රැගෙන යාමට ගිලන් රථ නොමැති වීමෙන් ප්‍රමාදයන් සිදු ව තිබේ.
එම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා පිට පළාත්වල කුඩා රෝහල්වලින් ගිලන් රථ ගෙන්වා ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මේ වනවිට ගිලන් රථ කොළඹ දිස්ත්‍රික්කයේ මහ රෝහල්වලින් ද ලබාගෙන තිබේ.
ඇතැම් කුඩා රෝහල්වල ගිලන් රථ භාවිත නොකර තැබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
- මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයේ මූලික විමර්ශන වාර්තාව අද නිකුත් වෙයි..
- එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ
- අරණායක අම්බලමක ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ මළ සිරුරු
- තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්… සයිප්‍රසය, ජෝර්දානය, ඉරානය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම්
- ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන ඉන්දුනීසියා පොලිසිය විමර්ශන අරඹයි..
- කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය ගැන සැකකරුගෙන් හෙළිදරව්වක්..
- සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්