වතු සේවක වැටුප ඉහළ නැංවීමේ තීරණයක්

වතු සේවක වැටුප රු 1000 ක් දක්වා ඉහළ නැංවීමේ තීරණයක්

by Staff writer 08-02-2021 | 6:24 PM

COLOMBO ( News1 st ) : වතු සේවක වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ නැංවීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ, ඊට අදාළ යෝජනාව අද පස්වරුවේ රැස්වූ පඩි පාලක සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි. යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 8 ක් පමණි.