මහින්දානන්දට එරෙහි නඩුවක සාක්ෂි විභාගය අවසන්

මහින්දානන්දට එරෙහි නඩුවක සාක්ෂි විභාගය අවසන්

by Staff writer 08-02-2021 | 11:55 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු චෝදනා යටතේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද අවසන් කෙරුණි.

එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි. ඒ පිළිබඳ නියෝගය ලබන 25 වැනි දා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තීරණය කළේ ය.