by Sagarika Chathumali 08-02-2021 | 3:08 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හෙට දිනයේ අහඹු PCR පරීක්ෂණ සිදු කරන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, හෙට පෙරවරු 9 සිට දහවල් 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම වැඩසටහන පැවැත්වෙන බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබ ඇති මෙම වැඩසටන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහසුකම් සලසා ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.