පළමුවරට මෙරට දී දරුවෙකුට කර්ණ සංඛ බද්ධයක්

පළමුවරට මෙරට දී දරුවෙකුට කර්ණ සංඛ බද්ධයක්

by Staff writer 08-02-2021 | 5:46 PM
මෙරට දී පළමු වරට ගැහැණු දරුවෙකුට කර්ණ සංඛ බද්ධයක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සිදුකර තිබේ. එම රෝහලේ උගුර, කණ හා නාසය පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය සඳහන් කළේ උපතේ සිට කණ් ඇසීමේ ආබධයකින් පෙළුණු වයස අවුරුදු 2 යි මාස 4 ක එම දරුවෙකුට මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි. ඊයේ සිදුකළ මෙම ශල්‍යකර්මයට පැය 8 කට අධික කාලයක් වැයව තිබේ. කොවිඩ් ආපදා තත්ත්ව පවතින වකවානුවක මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කිරීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටුවන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේය.