LK ඩොමේන් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග යටතේ LK ඩොමේන් ලියාපදිංචි කිරීමට පියවර

by Staff writer 08-02-2021 | 7:16 AM

COLOMBO (News 1st) - දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග යටතේ LK ඩොමේන් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව LK ඩොමේන් ලේඛකාධිකාරි, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.

ඒ, පෙරේදා අලුයම මෙරට වෙබ් අඩවි 10 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙනි. ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවිවල IP ලිපින මාරු කර වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට එම සයිබර් ප්‍රහාරයේදී ඉඩ හැර තිබුණි. කෙසේ වෙතත් එමගින් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැත.