ගැරහුම් ලබා මරණින් පසු වීරයෙකු වූ වෛද්‍යවරයා

ගැරහුම් මැද රෝගී ජීවිත වෙනුවෙන් කැපවී කොරෝනා මාරයාට ම බිලි වූ වෛද්‍යවරයා...

by Sagarika Chathumali 08-02-2021 | 12:57 PM

COLOMBO (News 1st) :

Li Wenliang... මාස කිහිපයක් වැනි සුළු කාලයක් තුළ මුළු ලෝකයම සිය අනසකට නතු කරගනිමින් අද වනවිට ලෝකවාසී ජනගහනයෙන් කෝටි 10කට වැඩි පිරිසක් රෝගීන් කර 23 ලක්ෂයකට වැඩි ජීවිත සංඛ්‍යාවක් බිලි ගත් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳ මුල්ම අනතුරු ඇඟවීම නිකුත් කළ වෛද්‍යවරයායි.

වෛද්‍ය Li Wenliang.. 2019 වසර අවසන් භාගයේදී  අනතුරු ඇඟවීමක් කරමින් පවසා තිබුණේ, චීනයේ වූහාන් ප්‍රදේශයෙන් හමුවූ මෙම වෛරසය  සාර්ස් වෛරසය මෙන්ම  දරුණු වෛරසයක් වනු ඇති බවටයි. කෙසේ වෙතත් වූහාන්හි රෝහලක අක්ෂි වෛද්‍යවරයකෙු වූ Li Wenliang කොරෝනා රෝගීන්ට  ප්‍රතිකාර කරමින් සිටියදී වෛරසය ආසාදනය වීමෙන් පසුගිය වසරේ පෙබරවාරි 7 වනදා ජීවිතයෙන් සමු ගත්තේ ය. වෛද්‍යවරායාගේ ජීවිතය කොරෝනා වෛරසයට බිලි වී වසරක් සපිරෙන මොහොතේ වූහාන් ඇතුළු දහස් ගණනක් චීන වැසියන් ඔහුට සිය ගෞරවය පුද කර තිබිණ. වෛද්‍යවරයා වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීම නිකුත් කරන අවස්ථාවේ චීන පොලීසිය වෛද්‍යවරයාට‌ෙ පවසා තිබුණේ, අසත්‍ය ප්‍රචාර සිදු කිරීමෙන් වළකින ලෙසයි. තවද කටකතා පැතිරවීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව විමර්ශනයක් ද සිදු කළේ ය. මුල් අවස්ථාවේ වූහාන්හි රෝහල් රෝගීන්ගෙන් පිරී යනන්ට වූ අතර එම අවස්ථාවේ වෛසරයේ බරපතළකම අවතක්සේරු කිරීම සහ ව්‍යාපත්වීම පිළිබඳ සැඟවීම සම්බන්ධයෙන් චීන බලධාරීන් ට චෝදනා එල්ල  වන්නට ද විය. කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය සැඟවීමට නොහැකි තැනට පැමිණි පසු වෛද්‍යවරයා චෝදනාවලින් නිදොස් කොට චීන රජය ඔහු වීරයෙකු ලෙස සැලකීමට ක්‍රියා කළේ ය. කෙසේ වෙතත් ඒ වන විට වෛද්‍යවරයා ද ජීවිතයෙන් සමුගෙන අවසන් ය. අනතුරු ඇඟවීම නිකුත් කළ මුල් අවස්ථාවේ බලධාරීන් විසින් බොරු මත ප්‍රචාරය කරන බවට හංවඩු ගැසුණු වෛද්‍ය Li අද චීනයේ වීරයෙකු ලෙස ගුණානුස්මරණය කිරීම දෛවයේ සරදමක් වැනි ය. මේ අතර ගැරහුම් මැද වූහාන්හි කොරෝනා රෝගී ජීවිත බෙරා ගැනීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ වෛද්‍යවරයාගේ බිරිඳ සැමියාගේ මරණින් සිව් මසකට පසු බිළිඳු පුතෙකුට උපත දුන්නා ය. WeChat ඔස්සේ පුතුගේ ඡායාරූපයක් පළ කරමින් ඇය පවසා තිබුණේ, සැමියගෙන් ඇයට ලැබුණු අවසන් ත්‍යාගය මෙය බවයි.