මිල අඩු කළ භාණ්ඩ ලැයිස්තුව මෙන්න

අත්‍යවශ්‍ය භාණ්ඩ 27 ක් සහන මිලට අද සිට

by Staff writer 08-02-2021 | 7:50 AM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සහන මිල ගණන් යටතේ අද සිට පාරිභෝගිකයින්ට හිමිවනු ඇති.

එම මිල මාස 3 ක කාලයකට වලංගු වේ. එම භාණ්ඩ සතොස, සමුපකාර සහ 'කියු ෂොප්' තුළින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ ය. සහන ලැයිස්තුවට අනුව, රතු කැකුළු 1Kg - (නව මිල) රුපියල් 93 කි. එය රුපියල් 13 ක මිල අඩු කිරීමක්. සුදු කැකුළු කිලෝවෙන් රුපියල් 12 ක් අඩු කර ඇති අතර දැන් අලෙවි වන්නේ රුපියල් 93 කටයි. සුදු නාඩු 1Kgක නව මිල රුපියල් 96 කි. සම්බා කිලෝවකින් රුපියල් 21 ක් ද කීරි සම්බා කිලෝවකින් රුපියල් 15ක් ද අඩු කර ඇත. තිරිඟු පිටි කිලෝවකින් රුපියල් 21 ක් අඩුකර දැන් නියම කර ඇති මිල රුපියල් 84 කි. සුදු සීනි කිලෝව සතොසෙන් රුපියල් 99 ට මිලදී ගත හැකියි. දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 125 ක්. තේ කොළ ග්‍රෑම් 100ක් රුපියල් 35 කින් අඩු කර තිබේ. නව මිල රුපියල් 95 කි. රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 165 කි. ඉන්දියානු ලොකු ළූණු කිලෝවක් රුපියල් 120 කට අලෙවි කෙරෙන්නේ රුපියල් 20 ක් අඩුවෙනි. දේශීය අර්තාපල් කිලෝව රුපියල් 180 කට ද පකිස්ථාන අර්තාපල් කිලෝව රුපියල් 140 කට ද අලෙවි කෙරේ. කඩල, වියළි මිරිස්, ටින් මාළු මිල අඩු කළ භාණ්ඩ අතරට අයත් ය. වැඩිම මිල සහනය ලැබෙන්නේ හාල්මැස්සන්ට ය. එය කිලෝවකින් රුපියල් 125 ක් අඩු කර තිබේ. නව මිල රුපියල් 545 කි. කුකුල් මස්, ලුණුකැට, කිරිපිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, SLS සහතික ලත් මුඛ ආවරණ මිල අඩු කළ සෙසු භාණ්ඩවලට අයත් ය. මේ අතර දඹුල්ල විශේෂ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ, වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා පැවසුවේ පසුගිය සතියට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල ගණන් ද තරමක් පහළ ගොස් ඇති බවයි.