වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

by Staff writer 07-02-2021 | 5:09 PM

COLOMBO (News 1st) - වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට(08) රාත්‍රී 10.00 සිට පසුදා (09) පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහණ මණ්ඩලය පවසයි.

ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසක් යන ප්‍රදේශවලට එම කාලසීමාව තුල ජල සැපයුම අත්හිටුවනු ඇති. හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබේ.