COLOMBO (News 1st) – බදුල්ල, මීගහකිවුල, කළුවර - කිරවනාව මාර්ගයේ කැකුලඔය හරහා පාලමක් ඉදිකිරීමේ වැඩකටයුතු අද නිව්ස්ෆස්ට් ගම්මැද්දෙන් ආරම්භ කළේ ය.
මේ සදහා අනුග්රහය දක්වන්නේ දිල්කුශී පුස්වැල්ල මහත්මිය ඇතුළු පවුලේ අයයි.
බදුල්ල, මීගහකිවුල, පිටමාරුව ග්රාම නිලධාරී වසමේ කළුවර - කිරවනාව මාර්ගයේ කැකුලඔය හරහා මීට පෙර තිබූ තුනී ලෑලි පාලම දැඩි අවදානම් සහ අබලන් තත්ත්වයේ පවතින බවට පසුගියදා නිව්ස්ෆස්ට් වාර්තා කළේය.
කෘෂිකර්මාන්තයේ නියැලෙන පවුල් 100 ක පමණ ජනතාව මෙම ගැටලුව හේතුවෙන් පත්ව සිටියේ දැඩි පීඩාවටයි.
අදාළ ප්රවෘත්තිය නිව්ස්ෆස්ට් වාර්තා කිරීමෙන් අනතුරුව ඊට යහපත් ප්රතිචාර දැක්වූ දිල්කුශී පුස්වැල්ල මහත්මිය හා එම පවුලේ හිතවතුන්ගේ අනුග්රහය යටතේ එම පාලම ඉදිකිරීමේ කටයුතු අද පෙරවරු 10.30 ට ආරම්භ විය.