පුංචි ලෝකාන්තයේ අතුරුදන් වූ සිරස TV සහෘදයා

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අතුරුදන් වූ සිරස TV සහෘදයා සෙවීමේ මෙහෙයුම තවදුරටත්..

by Staff writer 07-02-2021 | 10:11 PM

COLOMBO (News 1st) - මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර මහතා අතුරුදන්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ අද අලුයම මෙම සිදුවීම වාර්තා වූ බවයි. දිනුර විජේසුන්දර මහතා ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පියෙකු ලෙස සිරස TVහි සේවය කරමින් සිටියේය. 35 හැවිරිදි ඔහු කළුතර, මග්ගොන පදිංචිකරුවෙකි. වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු විජේසුන්දර මහතා සමග එම ගමනට එක්ව ඇතැයි පොලීසිය පැවසුවේය. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් ඊයේ පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණ එහි රාත්‍රිය ගත කර ඇති බවයි. අද පෙරවරුවේ පොලීසිය සහ හමුදාව, විජේසුන්දර මහතා සෙවීමට උත්සාහ කළත් මීදුම් තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. මඩොල්සිම පොලීසිය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=7fk5EL6SoP4&feature=youtu.be