by Staff writer 07-02-2021 | 12:10 PM
COLOMBO (News 1st) – තවත් ස්වදේශික කොරෝනා එන්නත් 7ක් සංවර්ධනය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.
ඒ , ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුටම කොරෝනා එන්නත් ලබා දීමේ අරමුණින් ය.
මෙම එන්නත් විවෘත වෙළඳපොළට ලබා දීමේ අරමුණක් මෙතෙක් නොමැති අතර ඉල්ලුම සලකා බලා තීරණයක් ගන්නා බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත්කරණය ලබන මාසයේ සිට ආරම්භ කරන බවයි.
එම එන්නත් 7න් 3 ක් මේ වනවිට සායනික අත්හදාබැලීම් මට්ටමේ පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ය.
තවත් එන්නත් 2 ක් පූර්ව සායනික මට්ටමේ පවතී.