වැලි හා ජලය ආශ්‍රිතව විද්‍යුත් සමීක්ෂණයක්

වැලි හා ජලය ආශ්‍රිතව විද්‍යුත් සමීක්ෂණයක්

වැලි හා ජලය ආශ්‍රිතව විද්‍යුත් සමීක්ෂණයක්

කර්තෘ Staff writer

07 Feb, 2021 | 1:05 pm

COLOMBO (News 1st) – ගංගා ආශ්‍රිතව නැවතත් වැලි සමීක්ෂණයක් හා ජලය ආශ්‍රිතව විද්‍යුත් සමීක්ෂණයක් සිදු කිරිමට තීරණය කර තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මේ වනවිට ගංගාවල වැලි කැණීම් ඉහළ ගොස් ඇති බවයි.

එබැවින් ගංගාවලට සිදු විය හැකි හානිය සොයා බැලීම සඳහා මෙම සමීක්ෂණ වහාම ආරම්භ කරන්නැයි අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබේ.

කැලණි, මහවැලි, නිල්වලා, ගිං සහ කළු ආදි ගංගාවලින් නාගරික ජනතාව පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නා බැවින් මෙම ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]