by Chathurika Jayasundara 07-02-2021 | 10:46 AM
COLOMBO (News 1st) – මෙරට කොරෝනා එන්නත් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව ඊයේ (06) පස්වරු 8.30 වනවිට එන්නත ලබාගත් පිරිස මෙසේ ය.
මේ වනවිට එන්නත ලබාගත් සමස්ත සංඛ්‍යාව 160,148කි.
ගත වූ දින කිහිපය පිළිබඳව නැවත විමසා බලන විට,
29. 01. 2021 - 5,286 දෙනෙකු
30. 01. 2021 - 32,539 දෙනෙකු
31. 01. 2021 - 21,329 දෙනෙකු
01. 02. 2021 - 36,396 දෙනෙකු
02. 02. 2021 - 23,217 දෙනෙකු
03. 02. 2021 - 21,147 දෙනෙකු
04. 02. 2021 - 6,413 දෙනෙකු
05. 02. 2021 - 9,983 දෙනෙකු
06. 02. 2021 - 3,838 දෙනෙකු එන්නත ලබා ගෙන තිබේ.
ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය පසුගිය ජනවාරි 29 වැනිදා නිල වශයෙන් ආරම්භ විය.
ඒ, කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදී ය.
එම එන්නත් වැඩසටහන ආරම්භ කළේ, ඉදිරි පෙළ කොරෝනා මර්දන කටයුතුවල නිරත හමුදා නිලධාරීන් 3 දෙනෙකුට පළමුව එන්නත ලබා දීමෙන් ය.