UPDATE: LK ඩොමේන් බලපෑම සිදු කර තිබෙන්නේ රජයේ වෙබ් අඩවි ඉලක්ක කර ගනිමින්

by Staff writer 06-02-2021 | 1:06 PM

COLOMBO (News 1st) - LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙඩ් අඩවි වෙත අද(06) උදෑසන සිදු වූ අනවසර ඇතුළුවීම රජයේ වෙබ් අඩවි ඉලක්ක කරගෙන සිදු වූ බව LK ඩොමේන් ලේඛකාධිකාරී, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.

මහාචාර්යවරයා පැවසුවේ, ප්‍රහාරයට ලක්වූ රජයේ වෙබ් අඩවි ඇතුළු අනෙකුත් වෙබ් අඩවිවල IP ලිපින මාරු කර වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට ඉඩ හැර ඇති බවය. මෙම සයිබර් ප්‍රහාරයෙන් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද ඔහු සඳහන් කළේය. විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමග එක්ව එම ගැටලුව යථා තත්ත්වයට පත්කර ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.