"lk"ඩොමේන් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක්

by Staff writer 06-02-2021 | 11:35 AM

COLOMBO (News 1st) - "lk"ඩොමේන් යටතේ ලියාපදිංචි ඇතැම් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක් එල්ල වී තිබේ.

මේ වන විට එම ප්‍රහාරය යථාතත්වයට පත් කිරීමට පියවර ‌ගෙන තිබෙන බව .lk ලේඛකාධිකාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව 011 4 216 061 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසය.   https://youtu.be/IB4lO8XAadM