by Staff writer 06-02-2021 | 8:50 AM
COLOMBO (News 1st ) - 2020 සාමාන්‍ය පෙළ විභාගයේ(O/L Exam) ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2020 සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටු වූව ද සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයන්ට ලකුණු ලබාදීමේ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.