ප්‍රදේශ කිහිපයකට අද වැසිබර කාලගුණයක්..

ප්‍රදේශ කිහිපයකට අද වැසිබර කාලගුණයක්..

by Staff writer 06-02-2021 | 3:21 PM

COLOMBO (News 1st) – සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් අද(06) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් එම කාල සීමාව තුළ වැසි ස්වල්පයක් ඇති වනු ඇති. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.