ජෝ රූට් කඩන්න බැරි වාර්තාවක් තියයි..

ජෝ රූට් කඩන්න බැරි වාර්තාවක් තියයි..

by Staff writer 06-02-2021 | 10:09 PM

COLOMBO (News 1st) – ඉන්දියාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් චෙන්නායිහිදී පැවැත්විය.

පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 555 යි. අද තරගය ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 263 ක් රැස් කර තිබුණි. 23 වැනි අර්ධ ශතකය වාර්තා කළ බෙන් ස්ටොක් ලකුණු 82 යි. නායක ජෝ රූට් අද 5 වැනි ද්විත්ව ශතකය වාර්තා කළේ ය. මෙය ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගයයි. 100 වැනි ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා ලෙස ඔහු ඉතිහාසයට එක් විය. ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 19 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 218 කි. ඔලී පෝප් ලකුණු 34 කට දැවී ගිය අතර ජොස් බට්ලර් ලකුණු 30 යි. ජස්ප්‍රිට් බුම්රා, ඉෂාන්ට් ෂර්මා, රවිචන්ද්‍රන් අශ්වින් සහ ශහ්බාස් නදීම් කඩුළු 2 බැගින් දවා ගත්තේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඩොම් බෙස් ලකුණු 28 ක් සහ ජැක් ලීච් ලකුණු 6 ක් රැස් කර ගෙන සිටී.