by Staff writer 05-02-2021 | 9:45 PM
COLOMBO (News 1st) - ඉන්දීය ගොවීන් අදානි වැනි මහාපරිමාණ සමාගම්වලින් තම ගොවි බිම් සහ කෘෂි නිෂ්පාදනවල අයිතිය ආරක්ෂා කර ගැනීමට ගෙන යන සටනට දැන් මාස දෙකක් ගත වී අවසන්ය.
නවදිල්ලිය සහ හර්යානා ප්‍රාන්ත සීමා අතර ඉන්දීය ගොවීන් දහස් ගණනක් මාස දෙකක් පුරා විරෝධතා පවත්වයි.
මේ ආකාරයෙන් සමස්ත ඉන්දියාව පුරාම ගොවීන් තවදුරටත් විරෝධතා පවත්වයි.
ඔවුන් මේ විරෝධතාවයේ නිරතවන්නේ තම ඉඩම් මහා පරිමාණ සමාගම්වලට කොල්ලකෑමට ඉඩ දෙන දේශපාලනඥයින්ගේ අනුරූවලටද පහර දෙමිනි.
මහා පරිමාණ ඉන්දීය ගොවීන් නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ගෙනයන අරගලයට සහාය පළ කරමින් පසුගිය අඟහරුවාදා ස්වීඩන් ජාතික සමාජ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ද ට්වීටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.
ඒ මෙම ගොවීන් ගෙන යන අරගලයට අදාල ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද සමගිනි.