
උතුරුමැද මහ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..
උතුරුමැද මහ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ උතුරුමැද මහ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරිම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
ඒ, අනුරාධපුර, පළුගස්වැව , මහම්ගස්වැවදී ය.
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මේ වසරේදී හා ලබන වසරේදී කුඩා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරිමට රජය කටයුතු යොදා තිබේ.
මේ වසර තුළ ග්‍රාමිය වැව් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරිමට නියමිත ය.
මෙවර වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වාරි මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල දායකත්වයෙන් ය.
උතුරුමැද මහා ඇල සංවර්ධනය කිරීමේ උමග ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණි.
එය මෙරට දිගම උමග බවට පත්වන අතර එහි දිග කිලෝමීටර් 28 කි.
ඇල සම්පුර්ණ වීමෙන් පසු එහි දිග කිලෝමීටර් 94 ක් වනු ඇති.
මෙමගින් මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව දක්වා ජලය ගෙන යනු ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ ය.
සිව් වසරක කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ විශාල වැව් කිහිපයකට ජලය සැපයෙන අතර , අනුරාධපුරය , වව්නියාව , මාතලේ හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කිහිපයකට මින් සෙත සැලසෙයි.
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ වයඹ මහඇල සංවර්ධන කටයුතු ලබන 16 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
- ”ජනාධිපතිවරයෙක් තර්ජනය කරන කොට ජීවිත ගැන බයක් තියෙනවා” – විජයදාස රාජපක්ෂ
- අණ නොතැකු කැබ් රථයකට පේදුරුතුඩුවේදී වෙඩි
- දිස්ත්‍රික්ක 3 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
- කුඹුරක වැඩ කරමින් සිටි 04 දෙනෙකු අකුණු සැර වැදීමෙන් මරුට..
- ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කුරුණෑගලින්…
- අමෙරිකාව පරදා අපි තමයි ඇෆ්ගන් යුද්ධය ජය ගත්තේ – තලෙයිබාන් සංවිධානය
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හෙළි කරගත් අයිස් මත්ද්‍රව්‍ය ජාලය…
- නිල්වලා ගගෙන් කඳ නැති හිසක් හමුවෙයි..
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට විශේෂ උපකරණ ගෙන්වීමට සැලසුම් – සරත් වීරසේකර
- පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීම ලබන සඳුදා