මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි: විමසිලිමත්වන්නැයි ධීවරයින්ට උපදෙස්

by Staff writer 04-02-2021 | 3:11 PM

COLOMBO (News 1st) – මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග සුළඟේ වේගය ද ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 දක්වා ඉහළ යා හැකි බවයි. දිවයිනට ගිණිකොන සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ. ඉහත මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.