'ශිවා'ගේ බිරිඳ හෙරොයින් සමග කොටු

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'ශිවා'ගේ බිරිඳ හෙරොයින් සමග කොටු

by Staff writer 04-02-2021 | 3:47 PM

COLOMBO (News 1st) – ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'ශිවා' නැමැත්තාගේ බිරිඳ තලංගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 250 සොයාගත් බවයි. ඇය වයස අවුරුදු 44ක, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අත්අඩංගුවට පත් සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් ලක්ෂ 500 ක අධික සුඛෝපභෝගී ජිප් රථයක්, වෑන් රථ දෙකක් හා මොටර් රථයක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. ‍ එම මෝටර් රථ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ඇති. අත්අඩංගුවට පත් සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් ක‌ළේ ය.