by Staff writer 04-02-2021 | 4:56 PM
COLOMBO (News 1st) – බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් අතර එක් නිලධාරියෙකු ද වන බවයි.
ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,559කි.
ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ, වැලිකඩ බන්ධනාගාරයෙන් ය.
එම සංඛ්‍යාව 899 කි.
මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සුව වූ ආසාදිතයින් සංඛ්‍යාව 4,350 කි.