ක්‍රිකට් නිලවරණයට දින නියම වෙයි

ක්‍රිකට් නිලවරණයට දින නියම වෙයි

by Staff writer 04-02-2021 | 10:29 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය එළැඹෙන මැයි මස 20 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

දෙවසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් නිලවරණය පැවැත්වෙයි. එම නිලවරණය මැයි 20 වැනිදා උදෑසන 10.30 ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව නිලවරණ කමිටුව අද නිවේදනය කළේ ය. සභාපති, උප සභාපති ධුර 02 ක්, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු මෙම නිලවරණයෙන් තෝරා ගැනීමට නියමිත ය. නිලවරණය සඳහා නාමයෝජනා විවෘත කිරීම මෙම මස 24 වැනිදා සිදු කරනු ලබයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 147 ක් පවතින නමුත් සුදුසුකම් ලබා ඇත්තේ ඡන්ද 144 ක් පමණි. විරෝධතා ද සලකා බැලීමෙන් පසු අප්‍රේල් 20 වැනිදා නිලවරණයට ඉදිරිපත්වන අය ප්‍රකාශයට පත් කෙරේ.