අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති

by Staff writer 04-02-2021 | 10:45 AM
COLOMBO (News 1st ) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනපති විසින් උපදෙස් දෙනු ලැබ තිබේ. ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ නොතබන බව ද ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 73වන නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා කතා කළ අවස්ථාවේදීය.   https://youtu.be/DzZgb0gF7OA