ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

දිවයිනේ පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

by Staff writer 03-02-2021 | 5:06 PM

COLOMBO (News 1st) - කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සබරගමුව පළාතෙත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරයි.

නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් එම කාල සීමාව තුළදී වැසි ස්වල්පයක් ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.