කොවිඩ් මරණ 2ක් දෙපාරක් ගණන් කරලා

කොවිඩ් මරණ 2ක් ප්‍රමාද දෝෂයක් නිසා දෙපාරක් මරණ ලැයිස්තුවට එකතු කරලා..

by Staff writer 03-02-2021 | 10:28 PM

COLOMBO (News 1st) - පසුගිය පෙබරවාරි 01වැනිදා වාර්තා කළ කොවිඩ් ආසාදිත මරණ 2ක් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් ⁣ඊයේ(02) දින මරණ ලැයිස්තුවට ද එකතු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, ඊයේ(02) දිනට වාර්තාවන මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 328ක් ලෙස නිවරැදි විය යුතු බව එම නිවේදනයේ දැක්වේ. මේ අතර තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් අද(03) වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, මේ වනවි⁣ට මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 332ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.