අල්ලස් ගත් සෞඛ්‍ය පරිපාලකවරයෙකු අත්අඩංගුවට

අල්ලස් ගත් වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයෙකු අත්අඩංගුවට

by Staff writer 03-02-2021 | 4:49 PM

COLOMBO (News 1st) - කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයා අද අත්අඩංගුවට ගැනිණි.

ඒ, අල්ලස් කොමිසම කළ වැටලීමකදීය. අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ‌‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මිය සඳහන් කළේ, රුපියල් දස දහසක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය. මහා මාර්ගයට කුණු කසල බැහැර කිරීමේ චෝදනා ලැබ සිටින පුද්ගලයෙකුට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා මොහු මෙම අල්ලස ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේය.