by Staff writer 02-02-2021 | 5:04 PM
News 1st - ව්‍යාජ කොරෝනා එන්නත් නිෂ්පාදනය කළ චීනයේ පුද්ගලයින් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ව්‍යාජ COVID-19 එන්නත් මාත්‍රාවන් 3,000 කට අධික ප්‍රමාණයක් රාජසන්තක කර ඇති බවයි.
බීජිං, ෂැංහයි සහ චීනයේ නැගෙනහිර පළාතේ ෂැන්ඩොන්ග් ඇතුළු ස්ථාන කිහිපයකම එම පොලිස් මෙහෙයුම සිදු කර තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට එම ව්‍යාජ එන්නත් නිපදවා අපනයනය කිරීමට සැලසුමක් තිබූ බව ද මෙහිදී හෙළිව ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් විය.