මහවැලි ඉඩම් අක්කර 2,750ක බඩ ඉරිඟු වගා කිරීමට පියවර

මහවැලි ඉඩම් බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය

by Sagarika Chathumali 02-02-2021 | 10:17 AM

COLOMBO (News 1st) : මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන ඌන භාවිතයේ පවතින අක්කර 2,750 ක් බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව හඳුනාගත් දේශීය ආයෝජකයින් වෙත වසරක කාලයක් සඳහා බදු පදනම මත අදාළ ඉඩම් කොටස් වෙන් කර දීමට නියමිතයි. තව ද වගාවේ සාර්ථකත්වය මත ඉඩම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ඉදිරියේදී දිගුකාලීන බදු පදනමෙන් අදාළ ඉඩම් කොටස් ලබා දෙන බවට ද අදාළ යෝජනාවේ සඳහන් ය. බඩ ඉරිඟු ආනයනය අත්හිටුවා ඇති පසුබිමක් තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය සහ සත්ත්ව ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින් මහා පරිමාණයෙන් සඳහා දිරි ගැන්වී‌ම මෙහි අරමුණයි.